“MBSL රාජ්‍ය අභිමන්” සහ “MBSL සැලියුට්”

Home > News & Events

“MBSL රාජ්‍ය අභිමන්” සහ “MBSL සැලියුට්”

මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී. (MBSL ආයතනය) “MBSL රාජ්‍ය අභිමන්” නමින් රාජ්‍ය සේවකයන්ට සුවිශේෂී වරප්‍රසාද සහ සේවා රැසක් සහිත ණය යෝජනා ක්‍රමයක් සහ ලීසිං පහසුකමක් අලුතෙන් හදුන්වා දී තිබේ. කොරෝනා වසංගතය නිසා ඇති වී තිබෙන මූල්‍ය අපහසුතා මඟහරවා ගැනීම සදහා මෙම විශේෂ ණය සහ ලීසිං යෝජනා ක්‍රමය හදුන්වා දී ඇත.

රාජ්‍ය සේවකයන්ට හදුන්වාදී ඇති විශේෂ ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාපාරික සහ පුද්ගලික ණය ලබා ගන්නා පාරිභෝගිකයන්ට ණය ආපසු ගෙවීම සදහා සහනදායි විශේෂ වාරික ක්‍රමයක් හදුන්වා දී තිබේ. ඊට අමතරව MBSL ආයතනයට අයත් මඩම්පැල්ල සහ මාරවිල දේපල සංවර්ධන ව්‍යාපෘතිවලින් දේපල මිලදී ගන්නා පාරිභෝගිකයන්ට රු. ලක්ෂ 3 දක්වා වට්ටම් හිමිවේ. විශේෂ ලීසිං පහසුකම් යටතේ ලබා ගන්නා ඕනෑම ලීසිං පහසුකමක් වෙනුවෙන් අඩු කළ පොලී අනුපාතයක් යටතේ වාරික ක්‍රරමයක් හදුන්වා දී තිබේ.

මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී. (MBSL ආයතනය) “MBSL සැලියුට්” නමින් ත්‍රිවිධ හමුදාවේ සමාජිකයන්ට සුවිශේෂී වරප්‍රසාද සහ සේවා රැසක් සහිත ණය යෝජනා ක්‍රමයක් සහ ලීසිං පහසුකමක් අලුතෙන් හදුන්වා දී තිබේ. කොරෝනා වසංගතය නිසා ඇති වී තිබෙන මූල්‍ය අපහසුතා මඟහරවා ගැනීම සදහා මෙම විශේෂ ණය සහ ලීසිං යෝජනා ක්‍රමය හදුන්වා දී ඇත.