MBSL ආයතනයෙන් ලියාපදිංචි කළ මෝටර් බයිසිකල්වලට විශේෂ ලිසිං පැකේජයක්

Home > News & Events

MBSL ආයතනයෙන් ලියාපදිංචි කළ මෝටර් බයිසිකල්වලට විශේෂ ලිසිං පැකේජයක්

මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා ඇන්ඩ් ෆයිනෑන්ස් පී.එල් .සී  ( MBSL) පිළිගත් සන්නාම යටතේ එන  ලියාපදිංචි කළ මෝටර් බයිසිකල් සදහාම විශේෂ වූ නව ලිසිං පැකේජයක් හදුන්වා දී ඇත.

“MBSL-රයිඩර්ස් ක්ලබ් ” නමින් හදුන්වා දී ඇති මෙම විශේෂ ලිසිං පැකේජය යටතේ “ලියාපදිංචි කළ” ජපන් මෝටර් බයිසිකල් එක  දවසින් හිමිකර ගැනීමට පාරිභෝගිකයන් හට අවස්ථාව සලසා දී ඇත. ලියාපදිංචි කළ ජපන් මෝටර් බයිසිකල් සදහා මෙවැනි  ලිසිං සේවාවක් සපයන්නේ වෙළදපොළේ පළමුවරට වීම විශේෂත්වයකි.  එසේම ඉන්දියානු නිෂ්පාදනයක් වන “රෝයල්  එන්ෆීල්ඩ්” මෝටර් බයිසිකල්  සදහා ද මෙම ලීසිං පැකේජය වලංගු වේ. මෙම ලිසින් සේවාව ලබාගන්නා  පාරිභෝගිකයන් හට එක්දින කඩිනම් සේවය, අවම ලියකියවිලි, ආකර්ෂණීය පොළී අනුපාතය, අදායම් මට්ටම අනුව වාරික මුදල හා කාලය තීරණය කිරීම යන වාසි ද හිමි වේ.