ඕනෑම මූල්‍ය අවශ්‍යතාවකදී නැතිවම බැරි හිතවතා MBSL

Home >

ඕනෑම මූල්‍ය අවශ්‍යතාවකදී නැතිවම බැරි හිතවතා MBSL

ශ්‍රී ලංකා මූල්‍ය වෙළෙඳපොළ තුළ වසර 41 ක අඛණ්ඩ අභිමානවත්ඉ තිහාසයක් හිමි MBSL (Merchant Bank of Sri Lanka & Finance PLC) ආයතනය වර්ෂ 1982 දී ආරම්භ කරන ලද මෙරට මූල්‍ය ක්‍ෂේත්‍රයේ කැපී පෙනෙන ආයතනයකි. 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනතට අනුකූලව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය යටතේ බලපත්‍රලාභී ආයතනයක් ද වේ. වර්ෂ 1991 දී කොළඹ කොටස් වෙළඳපොළේ ලියාපදිංචි කළ පොදු සමාගමක් බවට පත් වූ MBSL ආයතනයේ මව් සමාගම වන්නේ ශ්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය බැංකු වන ලංකා බැංකුවයි. MBSL ආයතනයේ ප්‍රධාන ශාඛාව ඇතුළුව දිවයින පුරා ශාඛා 48ක් පිහිටා ඇති අතර ඒ සෑම ශාඛාවකින්ම පාරිභෝගික ඔබට අවශ්‍ය සියලුම මූල්‍ය සේවා ලබා ගැනීමේ හැකියාව පවතී. එමෙන්ම පළපුරුදු
සේවකයන් 800කට වැඩි සංඛ්‍යාවක් සුහදශීලී, කාර්යක්ෂම සේවාවක් සමඟ පාරිභෝගික ඔබගේ සියලු අවශ්‍යතා ඉටුකර දීම වෙනුවෙන් කැපවී සිටී. MBSL
ආයතනයේ විශාලතම කොටස් හිමියා වන්නේ ද ලංකා බැංකුව වන අතර එහි උපාය මාර්ගික කොටස් ප්‍රමාණය 76.56%ක් වේ.

ශ්‍රී ලංකාවේ ආයෝජන සහ ව්‍යාපාරික බැංකු ක්‍ෂේත්‍රයේ අති සාර්ථක පුරෝගාමී මූල්‍ය ආයතනයක් ලෙස ස්වකීය ගනුදෙනුකරුවන්ට සියලුම වාහන සඳහා
ලීසිං පහසුකම්, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා මූල්‍ය පහසුකම්, වෙළෙඳ ව්‍යාපාර සඳහා මූල්‍ය පහසුකම්, සංස්ථාපිත උපදේශන සේවා, කොටස්
වෙළෙඳපොළ කටයුතු, ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම්, ළමා ඉතුරුම් ගිණුම්, දේපළ වෙළෙඳාම සහ රන් ණය ආදී මූල්‍ය සේවා රැසක් ලබා දෙන සුවිශේෂී ආයතනයක් ලෙස MBSL ආයතනය කැපී පෙනේ. පාරිභෝගිකයා වෙනුවෙන්උ පරිම සේවය ලබා දීමට කැපවන MBSL ආයතනය මඟින් ක්‍රියාත්මක කරන නවතම පාරිභෝගික සේවා මෙසේ ය.

Car, Van, SUV සඳහා විශේෂ ලීසිං පැකේජයක්…

මෙම විශේෂ ලීසිං පැකේජය යටතේ රජයේ සහ පෞද්ගලික අංශයේ රැකියාවල නිරත වන වෘත්තිකයන්ට, ව්‍යාපාරිකයන්ට Car, Van සහ SUV සඳහා ලීසිං පහසුකම් ලබාගත හැකිය.
මෙම ලීසිං සේවාව ලබා ගන්නා පාරිභෝගිකයන්ට අවම ලියකියවිලි, ආකර්ෂණීය පොලී අනුපාත, වැටුපට හා ආදායමට සරිලන වාරික ගෙවීමේ
හැකියාව, ඇපකරුවන් අවශ්‍ය නොවීම, සුහදශීලී පාරිභෝගික සේවය, සෑම ලංකා බැංකු ශාඛාවකින් වාරික ගෙවීමේ හැකියාව යනාදී වාසි රැසක් හිමිකර දී තිබේ.

වාසියි ලේසියි.. ඉක්මන් ලීසිං… MBSL ලීසිං..

සුවිශේෂී ප්‍රතිලාභ සමඟින් ලේසියෙන් සහ පහසුවෙන් වාහනයක් හිමිකර ගැනීමට සිහින දකින ඔබට මෙය කදිම අවස්ථාවකි. ආකර්ෂණීය පොලී අනුපාත සමඟ සරල ලිය කියවිලි සහ සුහදශීලී පාරිභෝගික සේවය ඔබ වෙනුවෙන් ලබා දීමට MBSL ලීසිං සේවාව කටයුතු කරයි. අවුරුදු 5ක් දක්වා
වාරික ගෙවීමේ හැකියාව ඇති අතර ඕනෑම ලංකා බැංකු ශාඛාවකින් වාරිකය ගෙවිය හැකි නිසා එය ඔබට තවත් පහසුවක් වේ.

ව්‍යාපාරයට ණයක් නොවන ආයෝජනයක්.. MBSL ප්‍රවර්ධන ව්‍යාපාරික ණය… ව්‍යාපාරික ක්‍ෂේත්‍රයේ කටයුතු කරන ඔබට ඇතිවන විවිධ මූල්‍ය අවශ්‍යතාවලදී ණයක් නොවන ආයෝජනයක් ලබා ගැනීමට හැකි නම් එය කෙතරම්අ ගනේද? මෙය මනාව හඳුනා ගත් MBSL ආයතනය ව්‍යාපාරික ඔබගේ සියලුම මූලික අවශ්‍යතා සඳහා ඉක්මන් සහ පහසු මූල්‍ය විසඳුම් ලබා දීමේ ප්‍රවර්ධන ව්‍යාපාරික ණය ක්‍රමය හඳුන්වා දී තිබේ. ඒ අනුව නව ව්‍යාපාර ආරම්භ කිරීමටත්, කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරා ගැනීමට මෙන්ම නව නිවසක් හෝ ඉඩමක් මිලදී ගැනීමට, ඉදිකිරීමට හෝ අලුත්වැඩියා කිරීමටත්, ව්‍යාපාරික ගොඩනැගිල්ලක් ඉදිකිරීමට හෝ මිලට ගැනීමට හෝ නවීකරණය කිරීමටත්, ව්‍යාපාරය සඳහා නව යන්ත්‍ර උපකරණ මිලට ගැනීමට හෝ අලුත් වැඩියා කිරීමටත් ආදී වශයෙන් වන ඔබගේ ව්‍යාපාරික අවශ්‍යතා වෙනුවෙන් මෙම නවතම ව්‍යාපාරික ණය යෝජනා ක්‍රමය වඩා පහසුවක් වන ඇත.

අමාරුම කාලේ ඔබ ළඟින්ම… MBSL රන් සවිය..

ගෙවී යන කාල වකවානුව සමස්තයක් ලෙස රටේ සියලුම පාරිභෝගිකයන්ට ආර්ථිකමය වශයෙන් අපහසු කාල පරිච්ජේදයක් වේ. මේ අමාරුම කාලේ
නිරන්තරයෙන් ඔබ සමඟ රැඳෙන MBSL ආයතනය 'රන් සවිය උකස් සේවාව’ ඔබට හඳුන්වා දී තිබේ. වෙනත් තැන්වල උකසට තබා ඇති රන් භාණ්ඩ බේරා ඔබේ අතට වැඩිම මුදලක් ලබා දීමටත් කටයුතු කරයි. මාස 12 ක් දක්වා වන සහනදායි ගෙවීමේ කාලයක් ඔබට ලබාදෙන අතර මෙහි සැඟවුණු ගාස්තු කිසිවක් නැත. කොටස් වශයෙන් ගෙවීමේ හැකියාව හිමි වන අතර උපරිම ආරක්ෂාව සහ රහස්‍යභාවය සුරක්ෂිත කිරීමට කටයුතු
කරයි. එදිනම භාණ්ඩ බේරා හිමිකර දී තිබේ. පවුමකට වැඩිම මුදලක් ලබා දෙන එකම ආයතනය ගැනීමේ හැකියාව වන්නේ ද MBSL ආයතනයම පමණක් වන බව සඳහන් කළ යුතුය.

කාලෙට ගැලපෙන හොඳම ලීසිං එක.. MBSL වීල් Deal…

MBSL ආයතනය හඳුන්වා දෙන ත්‍රීවිල් රථ සඳහාම විශේෂිත වීල් Deal ලීසිං සේවාව යටතේ ලියාපදිංචි කළ ත්‍රීරෝද රථ සඳහා සහ ලියාපදිංචි නොකළ
ත්‍රීරෝද රථ සඳහා ලීසිං පහසුකම් ලබාගත හැකිය. අප ආයතනය කෙරෙහි පිළිගත් විශ්වාසයක් යටතේ එන පාරිභෝගිකයා වඩාත් කැමැති ඕනෑම
වර්ගයක ත්‍රීරෝද රථ සඳහා මෙහිදී ලීසිං පහසුකම් ලබා දෙයි. එමෙන්ම රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ රැකියාවල නියුතු අයට සහ ස්වයං රැකියාවල නිරත වී සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ටද මෙම ලීසිං සේවාව පහසුවෙන් ලබාගත හැකිය. ඊට අමතරව ස්වයං රැකියාවක් වශයෙන්ත්‍ රීරෝද රථ කුලී සේවයේ නිරත වීමට අපේක්ෂා කරන අයටත් පිළිගත හැකි ගෙවීමේ හැකියාවක් ඇත්නම් මෙම ලීසිං පහසුකම් ලබා දෙයි. අවම ලියකියවිලි යටතේ අවම කාලයකින්, ලියකියවිලි ගාස්තු නොමැතිව, තරගකාරී පොලී අනුපාත යටතේ ලීසිං සේවාව ලබා දෙයි. ලීසිං පහසුකම ලබා ගන්නා අයගේ ආදායම් මට්ටම අනුව වාරික මුදල සහ කාලය තීරණය කිරීම නම්‍යශීලීව සිදුකර ගත හැකි.ය ඊට අමතරව නොමිලේ රක්ෂණාවරණයක් සහ සියලුම පාරිභෝගිකයන් සඳහා ත්‍යාගයක් වශයෙන් කාගිල්ස් ෆුඩ් සිටි වවුචරයක් ද ලබා දීමට කටයුතු කරයි. එබැවින් ඔබත් අදම ඔබගේ ත්‍රීරෝද රථයට අවශ්‍ය මූල්‍ය අවශ්‍යතාව වෙනුවෙන් MBSL සමඟ විශ්වාසයෙන් එකතු වන්න..

MBSL හි සභාපතිතුමාගේ සහ ප්‍රධාන විධායක නිලධාරීතුමාගේ පණිවුඩය..

"අපේ වටිනා පරිභෝගිකභවතුන්ට සෑම විටම උපරිම සේවාවක් සැපයීම සහතික කිරීමට ආයතනයක් වශයෙන් ඉදිරිපත් වී සිටිනවා. එසේම රටේ
ආරථිකය නැවත නගා සිටුවීම සදහා අප MBSL ආයතනය සෑමවිටම ඇප කැපවී සිටිනවා. අපේ රටේ ආර්ථිකයට බලපාන වර්තමාන ගෝලීය අර්බුදය සැලකිල්ලට ගනිමින්, MBSL එහි ගනුදෙනුකරුවන්ට සහ සාමාන්‍ය ජනතාවට උපරිම ශක්තියක් ලබා දීමට සෑමවිටම සැදී පැහැදී සිටිනවා. සියලුම පාරිභෝගිකභවතුන්ට, විශේෂයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයට වඩාත් යෝග්‍ය ඵලදායි මුල්‍ය සේවා කෙරෙහි අප ආයතනය සුවිශේෂී අවධානයක් යොමුකර තිබෙනවා. එමඟින් රට වඩාත් ස්ථාවර සහ මූල්‍යමය වශයෙන් ශක්තිමත් පදනමක් කරා ගෙන ඒමට දායකත්වය ලබා දීම සඳහා අප ආයතනයේ සේවක මඩුල්ල නිරන්තරයෙන් සූදානම් වී සිටිනවා.”

සටහන හංසනි දිල්හාරා